තෙල් මිල තවත් ඉහල යන ලකුණු...‌?

Crude oil Russia and Ukraine
By Subodha Feb 26, 2022 08:24 AM GMT
Subodha

Subodha

Report

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිමට ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා ලෝක වෙලද පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහල ගියා.

රුසියාව හා යුක්‍රේනය අතර අර්බුධය හේතුවෙන් සැපයුමට බාධා එල්ල වුවහොත් ලබන මැයි මාසය වන විට ලෝක වෙලද පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 125 දක්වා ඉහල යනු ඇති බවට අනාවැකි පල වෙනවා.

ගෝල්ඩන් සාච් ඇමරිකානු ආයෝජන බැංකුව හා මූල්‍ය සේවාව පවසන පරිදි ඒ අනුව ලෝක වෙලදපොලේ ඉන්ධන මිල සියයට ව්සිපහකින් පමණ ඉහල යනු ඇත.

රුසියානු බලශක්ති කර්මාන්තය ඉලක්ක කරගත් සම්බාධක පැනවීමෙන් අනතුරුව එය, සමනය වීමක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ලෝක වෙලදපොල තෙල් බැරලයක මිල තවමත් පවතින්නේ ඩොලර් 100කට ආසන්න අගයකයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW