පිලියන්දල දි භික්ෂූන් වහන්සේ නමක් පැහැරගනී...
Police
Bangladesh
Abducted
Gagana sinhala news
Buddhist monks
By Subodha
පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේ නමක් පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (12) දහවල් මහරගමදී භික්ෂූන් වහන්සේ පැහැරගෙන ගොස් ඇති බවයි.
කිසියම් පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේ වැඩම කරමින් සිටියදී සැකකරුවන් උන්වහන්සේගේ මුහුණ ආවරණය කර පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.
අනතුරුව සැකකරුවන් භික්ෂූන් වහන්සේ හාලිඇල ප්‍රදේශයේදී අතහැර දමා ගොස් ඇති අතර, එහිදී ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුව හිමිනම සොයාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |