කුමකටද මේ සැරසෙන්නේ...! විදුලි බි‌ලෙත් වැඩිවිමක් සිදුවන ලකුණු...

Electricity Board Gagana news General Manager Andrew Navamuni
By Subodha Feb 26, 2022 04:55 AM GMT
Subodha

Subodha

Report

අද සහ හෙට රාත්‍රි කාල වලදි විදුලි සැපයුම කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් පවසනවා

නමුත් අද (26) A,B,C කාණ්ඩවල පමණක් පැය 03ක සහ අනෙකුත් ප්‍රදේශ වලට පැය දෙකහමාරක කාලයක් දිවා කාලයේදි විදුලි කප්පාදුව අඩු කරන බවයි.

විදුලි ඒකකයක් සදහා වැඩි පිරි වැයක් දැරිමට විදුලි බල මණ්ඩලයට සිදුවන බැවින් විදුලි බිලෙහි වැඩි කිරිමක් සම්බන්ධයෙන් යෝජනා පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමුනී මහතා සඳහන් කළේ, ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනයේදී වැයවන පිරිවැය අතර වෙනස පියවා ගැනීමේ අරමුණින් දාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම මගින් රජය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද, ඇන්ඩෘ නවමුණි මහතා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ, දැනට විදුලිය ඒකකයක් සඳහා රුපියල් 16 ක් වැනි මුදලක් අයකරන බවය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now