මේ භෝග වගාකර තිබුණාද...? එම භෝග වලට හානි සිදුවුනාද...? මෙන්න එසේනම් ඔබට ගොවි රක්ෂණයෙන් මෙලෙස වන්දි...
ස්වභාවික ආපදා හේතුවෙන් පසුගිය වසරේ යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා , අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ .
එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අයකිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්ව රුපියල් මිලියන 210 ක මුදලක් ගොවීන්ට ලබා දී ඇති බවය.
ඒ අනුව ගොවීන් 8,678 දෙනෙකුට වන්දි ප්‍රදානය කිරිමට පියවර ගෙන තිබේ .
සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේ ල් 05 දින ඔවුන්ගේ බැං කු ගිණුම්වලට බැර කර ඇති අතර 2022 අප්‍රේ ල් 06 සිට අදාල බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගත හැකි බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේ ය.
එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස අයැදුම්කර අද දිනය දක්වා වන්දි නොලැබුණු ගොවීන් මේ පිළිබඳව තම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |