අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ලබාගත් ලාංකීය තරුණයාට ඔස්ට්‍රෙලියාවේදි සිදුවු වැඩේ...තවදුරටත් එවැනි දෑ එවන ලෙස බලපෑම් කරලා..

Sri lankan news Court of Victoria Gagana sinhala news Lankan student jailed
By Subodha Mar 05, 2022 06:06 AM GMT
Subodha

Subodha

Report

යොවුන් වියේ දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙන බවට තර්ජනය කළ ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වසර 13 හමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වූ 24 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයා බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් අමානුෂිය ලෙස කටයුතු කර ඇති බවයි වික්ටෝරියා අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

දැරියන්ගේ ඡායාරූප හා වීඩියෝ ලබාගෙන තවදුරටත් එවැනි දෑ එවන ලෙස බලපෑම් කරන ඔහු එසේ නොවුනහොත් ඔවුන්ගේ දෙමාපියන් වෙත මුල් ඡායාරූප යැවූ අවස්ථා ද පැවති බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට එරෙහිව චෝදනා 25 ක් ගොනුකර තිබූ අතර, ළමා ලිංගික අපචාරවලට සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ පට ළඟ තබාගැනීම ඊට ඇතුළත්.

ඔස්ට්‍රෙලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලයට අනුබද්ධව සිටිමින් එරට සේවය කිරීමට ද වරම් ලැබූ මෙම ශිෂ්‍යයාට නියමවී ඇති වසර 13 හමාරක සිර දඬුවමෙන් වසර 8 ක් යනතුරු සහනයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ නොහැකියි.

දඬුවම් කාලසීමාව නිමා වූ පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවයි අධිකරණය දන්වා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now