බොස්ටන් පොලිසියේ ලිංගික ජාවාරම් වැටලීමකට ලාංකේය බෞද්ධ උපදේශක හිමි නමක් අත්අඩංගුවට

Report

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මැඬලීමේ අංශය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, මුදලට ලිංගික සේවා ලබාගැනීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකේය චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකේය චීවරධාරියා වයස අවුරුදු 32ක් වන අතර, ඔහු මැසචුසෙට්ස් ප්‍රාන්තයේ පිහිටි ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සිද්ධියෙන් අනතුරුව ඔහු එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වී ඇත.

බොස්ටන් කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව මිනිස් ජාවාරම් සහ ලිංගික සූරාකෑම් වැළැක්වීමේ අරමුණින් බොස්ටන් පොලිසිය “ඔපරේෂන් රෙඩ් කාඩ්” නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල

එම මෙහෙයුමේ කොටසක් ලෙස, උපායදූත පොලිස් නිලධාරීන් විසින් ලිංගික ජාවාරම් සඳහා භාවිත වන වෙබ් අඩවියක ව්‍යාජ දැන්වීම් පළ කර ඇති අතර, ඒවාට ප්‍රතිචාර දක්වමින් පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, සැකකරුවන් බොස්ටන් නගර මධ්‍යයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට පත්ව ඇති අතර, විවිධ ලිංගික සේවාවන් සඳහා ඇමෙරිකානු ඩොලර් 125 සිට 400 දක්වා මුදලක් ගෙවීමට එකඟ වී තිබූ බව සඳහන් වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම මුදල් ප්‍රමාණයන් ඔවුන් සන්තකයේ තිබූ බවද පොලිසිය ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට පත් චීවරධාරියා අධිකරණය හමුවේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, “මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත් කිරීම” යන චෝදනාව සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 2 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

හෙට සතොසින් බඩු ගන්න ඔයාට මරු චාන්ස් එකක් - විශේෂ අවස්ථාවක් ගැන දැනුම්දීමක්

හෙට සතොසින් බඩු ගන්න ඔයාට මරු චාන්ස් එකක් - විශේෂ අවස්ථාවක් ගැන දැනුම්දීමක්

මේ අතර, ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සබඳතා අංශය සඳහන් කර ඇත්තේ අදාළ චීවරධාරියා පසුගිය සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව විශ්වවිද්‍යාලයට දැනුම් දී ඇති බවයි. ඔහු 2024 දෙසැම්බර් මාසයේ සිට එම තනතුරේ කටයුතු කර තිබුණි.

විශ්වවිද්‍යාල පරිපාලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බෞද්ධ උපදේශක ධුරය සඳහා නව පත්වීමක් සිදුකිරීමේ කටයුතු ඉදිරි කාලයේදී ආරම්භ කරන අතර, දැනට පවතින බෞද්ධ ආගමික වැඩසටහන් සහ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මේ වන විට අදාළ චීවරධාරියාගේ නම විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වේ. 

ළමයි දක්ෂ - අදක්ෂ කියලා බෙදන්න බෑ: හැමෝටම තැනක් දෙන නව අධ්‍යාපන විප්ලවය ගැන අගමැතිනියගේ පොරොන්දුව

ළමයි දක්ෂ - අදක්ෂ කියලා බෙදන්න බෑ: හැමෝටම තැනක් දෙන නව අධ්‍යාපන විප්ලවය ගැන අගමැතිනියගේ පොරොන්දුව