ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්රී ලාංකිකයෙක්
By Ashfa
ජපන් පොලිසිය කඩු සහ ගිනි අවි පාලන නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ප්රසිද්ධියේ පිහියක් රැගෙන ගොස් තමාටම තුවාල කර ගන්නා ආකාරයක වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුව පසු ශ්රී ලාංකික පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ටෝකියෝවේ මිනාටෝ-කු හි ෂිනගාවා දුම්රිය ස්ථානය අසල යොෂිනෝයා අවන්හලක් ඉදිරිපිට ඔහු තම බෙල්ලට පිහියක් තද කරගෙන සිටිනු දක්නට ලැබුණි.
එම පුද්ගලයාගේ අතේ සහ බෙල්ලේ ලේ ගලන තුවාල ඇති වී තිබු අතර ජපන් පොලිසිය ඉක්මනින් ප්රදේශය වටලා, ඔහු සමඟ සංවාදයක නියැලී, පිහිතලය බිම දැමීමට ඔහුට ඒත්තු ගැන්වීය.
ඉන් අනතුරුව එම ශ්රී ලාංකිකයාව අත්අඩංගුවට ගැනීමට එරට පොලිස් නිලධාරීන් සමත් විය.