නැවතුනු දුම්රිය සේවාවන් නැවත ආරම්භ කරන කාලසටහන මෙන්න
පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වය නිසා අඩාල වූ දිවයිනේ ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක සේවාවන් යළි ආරම්භ කරන දිනයන් සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ අනුව, අඹේපුස්ස සහ බදුල්ල අතර දුම්රිය සේවාවන් ලබන දෙසැම්බර් 20 වන දින වන විට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.
එසේම 2026 ජනවාරි 01 වැනිදා සිට උතුරු දුම්රිය මාර්ගයේ සේවාවන් කන්කසන්තුරේ දක්වා දීර්ඝ කිරීමට නියමිතයි.
එමෙන්ම පුත්තලම මාර්ගය හරහා හලාවත දක්වා වන දුම්රිය සේවාවන් ද ජනවාරි 01 වැනිදා පටන් යළි ආරම්භ විමට නියමිත බව සඳහන්.
ඊට අමතරව සම්පූර්ණයෙන්ම පිළිසකර කරන ලද මඩකලපුව දුම්රිය මාර්ගය ද ජනවාරි 01 වැනිදා පටන් ධාවන කටයුතු සඳහා විවෘත වේ.
එසේම තලෙයිමන්නාරම මාර්ගයේ සේවාවන් ද පෙබරවාරි 01 වැනිදා පටන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිතයි.