කරදර මැද්දෙත් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්
මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (15) දින වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ තිබෙන බවයි.
පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් හානි සිදු වූ අතර සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්ද විවිධ අනාවැකි පළ වුණා.
මීට දින දෙකකට පෙර ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය (SLTDA) මඟින් නිකුත් කරන ලද දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ සංචාරකයින් 70,023 ක් ඒ කාල වකවානුවේදී මෙරටට පැමිණ තිබුණා.