හදිසියේ පාසල් ගොඩනැගිල්ලක් ගිනිගනී. - සත්වයෙකු ජීවිතයකුත් ගින්නට බිලි වෙයි.

Sri Lanka Police Fire Sri Lankan Schools School Children
By Wayomi Oct 16, 2024 02:39 PM GMT
Wayomi

Wayomi

Report

හදිසියේ ඇතිවූ ගින්නකින් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම ගොඩනැගිල්ල ගිනිගන්නා ආකාරය ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දැක කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන් සහ මාලිම්බඩ පොලීසියේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුනා.

කෙසේ වෙතත් ඒ වනවිට එම ගොඩනැගිල්ලේ තිබූ සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී තිබූ අතර පාසල් භූමිය පරිශ්‍රයේ සිටි සුනඛයෙකු ද මෙම ගින්නට හසුවී මියගොස් ඇත.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

රත්නපුරෙන් තැන අහිමි වූ දමිතා මට්ටු වෙයි. - දැඩි තීරණයක් ගනී. - දේශපාලන ජීවිතයට වෙන යන දේ මෙන්න. - (VIDEO)

රත්නපුරෙන් තැන අහිමි වූ දමිතා මට්ටු වෙයි. - දැඩි තීරණයක් ගනී. - දේශපාලන ජීවිතයට වෙන යන දේ මෙන්න. - (VIDEO)


එමෙන්ම මෙම ගොඩනැගිල්ල තුළ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිත කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් මේස පුටු, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (16) දහවල් මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව කිසියම් පිරිසක් විසින් මෙම ගොඩනැගිල්ලට ගිනි තැබුවේද යන්න සැකකරන අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන සිදුකරන බවද සඳහන්.

එමනේම මෙම ගොඩනැගිල්ල තුළ පාසලේ පන්ති 5ක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ වනවිට දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ද පාසල් බලධාරීන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී ඇත.

මෙම පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක කොටසක් මීට වසරකට පෙර නායයෑම හේතුවෙන් ද දරුවන්ට අධ්‍යාපනය ලැබීමේදී බාධා මතුවී තිබෙනවා.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

හරියටම මැනලා බොන්න ඕන නිසා ලස්සන පාට පාට බෝතල් මාරයෙක් ද ඔයා ගාවත් ඉන්නේ? - මෙන්න භයානකකම.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.