නිදහස දිනය හේතුවෙන් දුම්රිය නැවතුම් වල වෙනසක්

Report

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම සිදුවන හෙට (04) දිනයේ දකුණේ සිට කොළඹට පැමිණෙන දුම්රිය කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම් රිය ස්ථානවල නොනවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ හෙට දිනය තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ හේතුවෙන් එම දුම් රිය ස්ථාන දෙක අවට මාර්ගවල වාහන ගමනාගමනය සීමා කර ඇති බැවින් එම දුම්රිය ස්ථානවලින් ගොඩබසින මගීන්ට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා ඉහත තීරණය ගෙන ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now