මාලිමාව බස් නැවතුම්පොළේ හැදුවලු.. පේන්ට් ටිකක් ගාලා ආණ්ඩුව විවෘත කළා - චාමර ආණ්ඩුවේ රෙදි ගලවයි
කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ තීන්ත ආලේප කර විවෘත කිරීම මෙවර ආණ්ඩුව විසින් සිදුකර ඇති බව පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් අද (09) සඳහන් කළේය.
ඔහු කියාසිටියේ, මෙම ක්‍රියාව ආණ්ඩුවේ නිර්දේශයෙහිදී උත්සව සමය ඉලක්ක කරමින්, බස් නැවතුම්පොළට පැමිණෙන මගී ජනතාවට “මාලිමා රජය විසින් කළ වැඩක්” ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ කළ බවයි.
ඒ සඳහා, බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කළ ද මාස හයකට ආසන්න කාලයක් ගෙවී තිබුණද, උඩරට දුම්රිය මාර්ගය සහ නාවලපිටිය දුම්රිය ඇතුළු දුම්රිය මාර්ග තවමත් යථා තත්ත්වයට පත් කිරීම ආණ්ඩුවට නොහැකි වී ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී දක්වා තිබේ.