අලුත් අවුරුදු සමයේ මාකුඹුරට එන මගීන්ට විශේෂ දැනුම්දීමක්
එළැඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලාගනිමින් ගමන් කරන මගීන්ගේ පහසුකම් සලසා ගැනීමට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය අතිරේක බස් රථ සේවා යොදවා තිබේ, යැයි මාකුඹුර බස් පර්යන්තය සහකාර කළමණාකරු ඩී.එම්. වෙත්තසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව, ඊයේ (8) සිට එළැඹෙන 13 වන දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා (අවසන් මගියා දක්වා) අතිරේක ප්‍රවාහන සේවාවන් ලබා දෙනු ඇත.
මගීන්ට පහසුකම් සලසා ගැනීම සඳහා, මාකුඹුර බස් පර්යන්තයට පැමිණීමට පෙර ‘0112-034474’ දුරකථන අංකයට අමතා බස් ධාවන කාලසටහන දැන ගැනීමට හැකියාව ලබා දී ඇත.
කෙසේ වෙතත්, රාත්‍රී කාලයේ බස් සේවා කොළඹින් පිටත් වූ බස් රථ නැවත පැමිණීමෙන් පසු සිදු වන බැවින්, කුඩා ප්‍රමාදයන් ඇති විය හැකි බැවින්, මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට කල්වෙලා පැමිණිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.