ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ලබන ඉරිදා වැඩ වරදින ලකුණු
ඉරානය සමඟ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලය පුරා පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
එහි දැක්වෙන්නේ මෙම තීරණයත් සමඟ, කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ නඩු විභාගය එළඹෙන ඉරිදා (12) දින සිට යළි ආරම්භ කිරීමට නියමිත බවයි.
මීට පෙර ආරක්ෂක හේතූන් මත අධිකරණ කටයුතු සීමා කර තිබූ නමුත්, රටේ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වීමත් සමඟ මෙම නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය වී ඇත.