“රෝගීන් පීඩාවට පත් කරන වර්ජනයට මුහුණ දෙන්න රජය සූදානම්” - සෞඛ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

Report

වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අසාධාරණ එකක් බවත්, රෝගීන් පීඩාවට පත් කරමින් සිදු කරන මෙම වර්ජනයට මුහුණ දීමට රජය සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ, දේශපාලන අරමුණු මත කුඩා කණ්ඩායමක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බවද ඔහු පැවසීය.

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී ගැටලුවක් පවතින බවට චෝදනා කරන්නේ නම්, ඒ සඳහා අධිකරණය වෙත යාම සුදුසු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 453 දෙනාගෙන් 436 දෙනෙකුම පත්වීම් සඳහා අයදුම් කර ඇති බැවින්, මෙම වැඩවර්ජනයට සැබෑ පදනමක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි