සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පළ කිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, ‘ප්‍රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබද ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු‘ යනුවෙන් සඳහන් කරමින් මහජනතාවට මඟ පෙන්වීමක් සිදු කරන ආකාරයට සකස් කර ඇති එම පණිවිඩය, කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව අඳාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදුකරනු ලබන බවත්, නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිවේදනයක් ආකාරයට එය නිකුත් කරන බවත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

එසේම ඔවුන්ගේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බවත් එහි සඳහන් කර ඇත.

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඊට අමතරව පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි සොයා බැලීමට දැනටමත් අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක බව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එනිසා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙවැනි පළ කිරීම් සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක් | Sri Lanka Police Warns Of Fake Social Post