පාසල් දරුවන් ඉලක්ක කරගත් අමුතුම කූඨ ප්ලෑන් එකක් - ප්‍රදේශ රැසකින් වාර්තා වෙලා.. දෙමාපියන්ට පොලිසියෙන් එකවරම විශේෂ දැනුම්දීමක්.
Sri Lanka Police
Colombo
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බව වාර්තා වේ.
මීට පෙර දිනෙක කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පුද්ගලයෙක් කර තිබෙනවා.
එහිදී ඔහු කියා ඇත්තේ දරුවා හදිසියේ අසනිප වී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවයි.
එම අදාළ දරුවාගේ පියා නීතිඥවරයකු වේ.
මේ සම්බන්ධයෙන් ඔහු පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ දී එැවන්නක් සිදුව නොමැත.
කෙසේ වෙතත්, ව්‍යාජ දුරකථන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගන්නා ලෙස පොලිසිය සඳහන් කළේ ය.
