මීළඟ මැතිවරණය ගැන පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක් - කහ ඉරෙන් මාරුවෙන්නයි ජනතාවගෙනුත් ඉල්ලයි..!

Basil Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Podujana Peramuna Local government Election
By Sewvandhi Dec 15, 2023 12:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින්, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.

 ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,"අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.

එය නිසැකයෙන්ම එඩිතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු බව ද අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ජනතාව මරණ බියෙන් ගලවා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ද අවධාරණය කළේය.

නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.

"ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු.

ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා..."

ReeCha