මුහුණු පොතෙන් හාද වූ තරුණියට,අපහාස කළ වරදට..16 හැවිරිදි කොලුවාට දුන්, අදහාගත නොහැකි දඬුවම..
උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකු වේයන්ගොඩ නගරයේදී කාරයකින් පැහැර ගෙන ගිය බව කියන සැකකාර අඹු සැමි යුවළක් පෑලියගොඩ දී අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසනවා.
අපොස සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දරුවෙකු පැහැර ගෙන යාම පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා එසේ සැකකාර අඹු සැමි යුවළ ඊයේ (26) මෙලෙස අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
පැහැර ගෙන ගිය බව කියන දරුවා මුහුණු පොත හරහා කොළඹ ප්‍රදේශයේ ස්ථිර පදිංචි තාවකාලිකව මාකොළ උතුර ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග සම්බන්ධ වී සිට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
දෙදෙනා මුහුණු පොතේ විවිධ දෑ සටහන් කර ඇති බවත් දහසය හැවිරිදි දරුවා එම තරුණියට අපහාස වන අන්දමින් කිසියම් සටහනක් තැබූ බව කියමින් එයට උරණ වී පැහැර ගෙන යාම සිදු කොට ඇති බවද පැවසෙනවා.
දරුවා පැහැර ගෙන යාමට පෙර ඔහුගේ ජංගම දුරකථනයක් විකිණීම සඳහා අන්තර් ජාලයේ පළ කොට තිබූ දැන්වීමකින් ඔහුගේ ජංගම දුරකතනයේ අංකය සොයා ගෙන දුරකථනය මිල දී ගන්නා බවට අගවා සැකකාර අඹු සැමි යුවල අවස්ථා කිහිපයක් ම දරුවාට කතා කර ඇති බවත් ඊයේ (26) දහවල් කාලයේත් දරුවාට කතා කර වේයන්ගොඩ නගරයට දුරකථනය මිල දී ගැනීමට පැමිණෙන බවට දන්වා තිබූ බවද වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පවසනවා.
එසේ කතා කර ගත් පරිදි දරුවා වේයන්ගොඩ නගරයේ උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී අඹු සැමි යුවල කාරයකින් වේයන්ගොඩ නගර මධ්‍යයේ ඇති බෝධිය අසලට පැමිණ දුරකථනය මිල දී ගන්නා මුවාවෙන් දරුවා කාරයට ගොඩ කර ගෙන පැහැර ගෙන යද්දී ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |