ඉන්ධන පෝලිම්වල දැකගත හැකි අලුත්ම දේ !
ඉන්ධන නෞකා මෙරටට පැමිණිය ද ඊයේ(24) රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණා.
කෙසේවෙතත් පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ දිනය පුරා කළ නිරීක්ෂණයකදී දැකගත හැකි වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ඉතාමත් නුදුරු දිනකදී ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි.
ගෑස් නෞකා මෙරටට පැමිණිය ද ගෑස් ලබාගැනීමේ අරමුණින් ජනතාව පෝළිම්වල සිටින අයුරු ඊයේ දිනයේත් දැකගත හැකි වුණා.
මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට මේ මොහොතේ සහනයක් ලබාදීම වඩා වැදගත් බවයි.
මේ අතර ප්‍රදේශ රැසකට අද දිනයේ පැය 06යි විනාඩි 20ක කාලයක් සහ සෙසු ප්‍රදේශවලට පැය 05ක කාලයක් විදුල සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |