කරගෙන යන්න ඩොලර් නැතුව තානාපති කාර්යාලත් වැසෙයි - මෙන්න එම වැසුණු තානාපති කාර්යාලවල කතාව..?

closed world news gagana news Embassies Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 04:14 AM GMT
krishani

krishani

Report

උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.

මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාලයටත් පැවරෙනු ඇත.

ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර ,මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනු ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now