ආන්දෝලනාත්මක සුපිරි රථ සැණකෙළියට අන්තිමට වුන වැඩේ මෙන්න !
මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ යතුරුපැදි ඇතුලු රථවාහන සවාරිය නතර කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මහජන විරෝධය හා කොන්දේසිවලට පටහැනිවීම හේතුවෙන් යතුරුපැදි සවාරිය නතර කළ බවයි.
කෙසේවෙතත් මෙම රථවාහන සවාරිය සඳහා පොලීසිය මීට පෙර අවසර දී තිබුණා. ඒ, කර තිබූ ඉල්ලීමකට අනුවයි. ඔවුන් නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇත්නම් නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් ආරක්ෂාව ද සහිතව අධිසුඛෝපභෝගී වාහන ද සමගින් අධිබල යතුරුපැදි පිරිවරාගෙන මෙම රථ පෙලපාලිය සංවිධානය කර තිබුණා. එය සංවිධානය කර තිබුණේ පුද්ගලික යතුරුපැදි සමාජයක් මගින්.
ඒ, මහරගම අපේක්ෂා රෝහලට සිදුකළ මුදල් පරිත්‍යාගයක් සහ කල්පිටිය ප්‍රදේශයේ පාසැල් ළමුන්ට පොත් සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනකට සමගාමීවයි.
ඊයේ(17) ආරම්භ වූ මෙම වැඩසටහන හෙට දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් සුපිරි රථ පෙළපාලියට මාදම්පේ ප්‍රදේශයේදී ජනතාවගෙන් එල්ල වූයේ, දැඩි විරෝධයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |