කටගැස්මට දඩමස් කන්න ගිය වනජීවී නිලධාරීන්ගේ මෙහෙයුම !
වනජීවී නිලධාරීන්ට කටගැස්ම සඳහා දඩමස් ලබාදුන් පුත්තලමේ ආපණ ශාලා හිමිකරුවකු හා එහි කළමනාකරු තවත් දඩමස් තොගයක් ද සමග කරුවලගස්වැව වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම නගරයේ පිහිටි ආපණ ශාලාවකට මත්පැන් පානය සඳහා පැමිණෙන ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් වෙත කටගැස්මට දඩමස් ලබා දෙන බවටයි අඩවි ආරක්ෂක නිලධාරින්ට තොරතුරු ලැබී ඇත්තේ.
ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිට ඇති වනජීවී නිලධාරීන් තමන්ට කටගැස්මක් අවශ්‍ය බව හෝටල් සේවකයින්ට පවසා ඇති අතර එහිදී පිසින ලද මුව මස් එම නිලධාරීන්ට පිළිගැන්වීමට ආපණ ශාලා සේවකයින් කටයුතු කළ අවස්ථාවේ දී මෙම වැටලීම සිදු කෙරුණේ.
පසුව සිදු කළ වැඩි දුර සෝදිසි කිරීම්වලදී එම ආපණ ශාලවේ ශීතකරණයක බහා තිබී පීසීමට සූදානම් කර තිබූ තවත් මුව මස් කිලෝග්‍රෑම් දහයකට ආසන්න ප්‍රමාණයක් ද වනජීවී නිලධාරීන් සිය භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් ආපණ ශාලා හිමිකරු පුත්තලම නගරයේ පදිංචිකරුවකු වන අතර කළමනාකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි හෙළි වී ඇත්තේ.
සැකකරැවන් ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් ඉදිරි දිනයේදී පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |