සටන් විරාමයෙන් පසු ගැටුම් යළි උත්සන්න වෙයි - සාමකතා තෙවැනි වටයට සූදානම් ! "යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්" ඇමෙරිකාව කියයි !

world news gagana news Sri lanka sinhala news today trending news Russia-Ukrain Attack
By krishani Mar 06, 2022 08:18 AM GMT
Report

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුද ගැටුම් ඇවිලෙද්දී, බටහිර රටවල පෙළඹවීම මැද දෙපාර්ශ්වයේම කැමැත්තෙන් සාම සාකච්ඡා ආරම්භ විය.

දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ පසුගිය තුන්වැනිදාය. පළමු සහ දෙවැනි සාම සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය. පසුගිය තුන්වැනිදා පැවැත්වුණු සාම සාකච්ඡා අවසන් වූයේ යුක්රේන නගරවල සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම නගරවලින් පිටවී යෑමට 'මානුෂීය කොරිඩෝවක්' නිර්මාණය කර දෙමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියානු නියෝජිතයන් එකඟ වීමෙන් අනතුරුවය.

ඒ අනුව, යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කෙරුණි. සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් හමුදා, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබුණි.

සටන් විරාමයේ කාලය අවසන් වූ සැණින් නගරවවලට දිගට හරහට පහර දෙමින්, ඒවා අත්පත් කර ගැනීමට රුසියන් හමුදා පැවැසීය. මරිපෝල් යනු යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන අතර රුසියන් හමුදා මේ වනවිට නගරය වට කර ඇත.

මේ අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now