හාල් ගැන අමුතුම හෙළිදරව්වක් ! බන්දුල මහින්දානන්ද ගැන කියන අමුතු කතාවක් ! අවුරුදු කන්නත් හාල් නැති වෙයිලු..? (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Chamuditha
By krishani Mar 06, 2022 01:43 AM GMT
krishani

krishani

Report

හාල් මිල වැඩි කිරීමේ සම්පූර්ණ වගකීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා බාරගත යුතු බව ලංකාවට වැඩිම සහල් ආනයනය කරන කලම්බෝ ට්‍රේඩර්ස් ඇසෝෂියන්හි කේ.ටී.සී. ගෲප් උපසභාපති එම්.එස්.එම්. සනීර් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා දෙපැත්තට ඇදීම හේතුවෙන් අර්බූදයක් මතුව ඇති බවත්, ඔවුන් රටට එකක් කියා තවත් දෙයක් කරන බවත්ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හටමේ කිසි දෙයක් ගැන දැනුමක් නැති බවත් ඒ මහතා කීය.

රටින් හාල් ගෙන ඒම අනවශ්‍ය බවත්, මුළු රටටම කන්න හාල් මෝල් කාරයෝ හංගගෙන සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් එන එක අනිවාර්ය බව සනීර් මහතා කීය.

විඩියෝ දර්ශන - Truth With Chamuditha Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now