"මේ රටේ කන්න නැති මිනිස්සු නෑ ! ඉන්ධන මිළ වැඩි උනාට වාහන අඩුවෙන් දුවනවා දැකලා තියෙනවා ද ! "- හිටිහැටියේ ඇසෙන මේ කතාව කුමක් ද ?

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Jonston Fernando
By krishani Feb 27, 2022 08:23 AM GMT
krishani

krishani

Report

ජනතාවට කන්න නැති තත්වයක් රටේ නැතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකෙරෙන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබාදෙන නව නිවාසවල යතුරු බාරදීමේ උත්සවයේදීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද කීවේය. "කන්න නැති තත්වයක් මේ රටේ නෑ. අපි ඒක පිළිගන්න ඕන. ඉන්ධන මිල මෑතක වැඩි වුණා.ඒත් කිසිම වාහනයක් අඩුවෙන් ධාවනය වෙනවා ඔබ දැකලා තියෙනවද?

"අවුරුදු එක හමාරක් ගෙවල්වල හිරවෙලා හිටියා කියලා ජනතාව දන්නවා. ඒ කාලේ කරගන්න බැරි වුණ දේවල් රටේ ආර්ථිකය සහ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජනතාව තමන්ගේ මුළු ශක්තියම යොදවලා ලොකු කැපවීමක් කරනවා. අපි පිළිගන්න ඕනෙ අද සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා.

නමුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් වෙන්නේ මේ යුගයේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පස්සේ වැඩියෙන්ම මාර්ග හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේයි. පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. අද ඊටත් වැඩිය හැදෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. විපක්ෂයට මේ දේවල් ඇහේ කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දකිද්දී ඔවුන් හරියට දුක් වෙනවා, ඔවුන්ගේ කාලේ කරන්න බැරි වුණ එක ගැන. පාලමක් හැදෙනවා දකිද්දී ඔවුන්ට හරි දුකක් ඇති වෙනවා අපිට‍ මේක කරගන්න බැරි වුණා කියලා.ඕක තමයි ඇත්ත තත්ත්වය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now