කරන්ට් කැපිල්ල මැද විදුලිබල මණ්ඩලයට ඒකක ගණනින් පාඩු වෙලා ! ඒකත් ජනතාව පිටින් යයි ද ?
sri lanka
electricity board
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසනය වන විට විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලබන බවත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලි එකකයක පිරිවැය රුපියල් 23 සිට පසුගිය මාස අවසන් වන විට රුපියල් 29 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව කී එම නිලධාරියා එය එසේ වුවද විදුලි ඒකකයක් රුපියල් 17 කට අළෙවි කිරීමෙන් රුපියල් 12 ක් පාඩුවක් ලබන බව ද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |