පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස් කළ හැටි ! අනුරගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

politics gagana news Sri lanka sinhala news today trending news Mr.Anura Dissanayake
By krishani Feb 21, 2022 12:50 AM GMT
krishani

krishani

Report

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගකිවයුත්තන් නොවේ නම් සැබෑ වගකිවයුත්තන් වහාම අධිකරණය හමුවට කැඳවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක අවධාරණය කරයි.

ප්‍රහාරයේදී ප්‍රධාන වශයෙන් වගකිව යුතු කණ්ඩායම් දෙකක් සිටින අතර ඉන් එක් කණ්ඩායමක් වන්නේ ඉතා පැහැදිලිව තොරතුරු ලබාදී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ අය බවත් අනෙක් කණ්ඩායම වන්නේ එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් හා ප්‍රහාරකයන් බවත් ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වීමට නම් මෙම කණ්ඩායම් දෙකටම එකසේ නිසි දඬුවම් දිය යුතු නමුත් (18දින) අධිකරණයේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කිරීමට අසමත් වූවන් මෙන්ම ප්‍රහාර වළක්වා ගැනීමට අසමත් වූවන්ගේ චෝදනාවලින් නි‍දොස් කොට නිදහස් කර තිබුණු අතර එසේ නම් කළ යුතු වන්නේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ සැබෑ චූදිතයන් අධිකරණය හමුවට කැඳවීම බවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණවීම කළ යුතු නමුත් ප්‍රහාරය සිදු වී අදට වසර තුනකට ආසන්න කාලයක් ගත වෙමින් තිබීම මෙන්ම ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් ඒ ගැන සාධාරණීය පියවරක් ගෙන නොමැති බව ඉතා පැහැදිලි යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now