නොසිතූ වෙලාවක වල් අලිය කෝන්තරයක් පිරිමහගත්ත හැටි !
වල් අලියෙක් මහවිලච්චියේ ගොවියකු මරා දමා පසුව ඔහුගේ නිවෙස සොයාගෙන ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුර ද පාගා දමා විනාශ කළ පුවතක් අනුරාධපුර මහවිලච්චියෙන් වාර්තා වෙයි.
මෙලෙස මරා දමා ඇත්තේ විලච්චිය ගුළුපත්වැව පදිංචිව සිටි චතුර සුදර්ශන අතපත්තු නැමැති 30 දෙදරු පියකු බව පොලීසිය කියයි.
තම ගොවි සගයන් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදී එක් වරම පැමිණි වල් අලියා ගොවියාට පහර දී මරා දමා ඇත.
ඔහු සමග ගිය එක් අයකු අසල තිබූ බුරුත ගසකට නැග ජීවිතය බේරා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා වගා ළිඳකට වැටීම හේතුවෙන් බේරී ඇති බවත් ගම්වැසියෝ පවසති.
ගොවි මහතාට පහර දුන් වල් අලියා, පහර දීපු තැනට කිලෝමීටර භාගයක් විතර දුරින් තිබෙන මේ ළමයගෙ කුඹුරට ගිහින් කුඹුර කාලා දාලා.
ඊට පස්සේ එයාගේ නිවස දෙසට දිව ගිහිල්ලා නිවසේ ඉදිරි දොරටයි පිටුපස දොරටයි පහර දීලා කඩා දාලා තිබූ බව ද ගැමියෝ පවසති.
අරලගංවිල දිඹුලාගල පහළඇල්ලේවැව දී ද වල් අලි ප්‍රහාරයකින් 60 හැවිරිදි දෙදකරු පියකු මියගොස් ඇති අතර මොරගොල්ලාගම රක්වාන ප්‍රදේශයේදී ද වල් අලි ප්‍රහාරයකින් දෙදරු මවක මියගොස් ඇත.
ඒ අනුව ඊයේ(13) සහ අද දින සිදු වූ වල් අලි ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |