ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්

Report

මෙරට බැංකු පද්ධතිය හරහා ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකුවලට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

සියලුම රාජ්‍ය සේවකයන්ට දුන් බදදා නිවාඩුව අවලංගුයි - මේ දිනයේ සිට දිගටම වැඩ

සියලුම රාජ්‍ය සේවකයන්ට දුන් බදදා නිවාඩුව අවලංගුයි - මේ දිනයේ සිට දිගටම වැඩ

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද (06) දියත් කෙරුණු 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන සතු වගකීම ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

නව QR ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමේදී ATM නඩත්තුව සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවත්, එය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කරගනිමින් එය සමාජය තුළ වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ.

එහිදී බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් අදහස් දැක්වූ ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු වයි.ඒ. ජයතිලක මහතා සඳහන් කළේ, ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරිගැන්වීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවයි.

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සහතික විය.