අම්පාරේදී බෑග් මාරු කළ පොහොර තොගයක් වටලයි

Report

පරගහකැලේ ප්‍රදේශයේ පෞද්ගලික පොහොර ගබඩාවක් වටලා, එහි නීති විරෝධී ලෙස බෑග් මාරු කරමින් තිබූ පොහොර තොගයක් අත්අඩංගුවට ගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්ධන අංශය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායමක් සමත්ව තිබේ.

ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදු කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට අනුවයි.

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අපිරිසිදු ලෙස සිදුකළ ඇසිරීම් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී ගබඩාව තුළ ඉතා අපිරිසිදු ලෙස පොහොර බිම දමා බෑග් මාරු කරමින් සිට ඇති අතර, එහිදී අලුතින් අසුරන ලද පොහොර මලු 54ක් සහ ඇසිරීම සඳහා සූදානම් කර තිබූ හිස් කවර 173ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම පොහොර බෑග්වල "යූරියා" යනුවෙන් සඳහන් කර තිබුණද, ඒවා කුමන ආයතනයකට අයත්ද යන්න හෝ කල් ඉකුත් වීමේ දිනයක් එහි සඳහන් කර නොතිබූ බව විමර්ශන නිලධාරීන් පවසයි.

පාසල තුළින් බලශක්තිය සුරකින්න නව චක්‍රලේඛයක්

පාසල තුළින් බලශක්තිය සුරකින්න නව චක්‍රලේඛයක්

නිලධාරීන්ගේ දැඩි අවවාද කිසිදු අවස්ථාවක එක් බෑගයක ඇති පොහොර වෙනත් බෑගයකට ඇසිරීමට අවසර නොමැති බව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ.

ගබඩා හිමිකරු පවසා සිටියේ ප්‍රවාහනයේදී බෑග් ඉරී යන බැවින් තමන් ඒවා නැවත ඇසුරුම් කළ බවයි. කෙසේ වෙතත්, බෑග් මාරු කිරීමේ කටයුත්ත වහාම නතර කරන ලෙස නිලධාරීන් නියෝග කළ අතර, පවතින පොහොර හිඟය සැලකිල්ලට ගනිමින් අදාළ පොහොර තොගය රජයේ නියමිත මිලට අද දිනම ප්‍රදේශයේ ගොවීන් වෙත අලෙවි කරන ලෙස හිමිකරුට උපදෙස් දෙන ලදී.

එම පොහොර තොගයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නිලධාරීන් පියවර ගෙන ඇත. එම වාර්තාව ලැබුණු පසු පොහොරවල ප්‍රමිතියේ යම් ගැටලුවක් ඇත්නම් ගබඩා හිමිකරුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.