වසර 56ක වාර්තාව බිඳිමින් නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ දුරින්ම

Report

නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා සඳුදා අලුයම චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම් කලාපයට ඇතුළු වී, ඉතිහාසයේ දුරින්ම පියාසර කරන මිනිසුන් බවට පත්වන මඟකට පිවිසියහ.

පසුගිය සතියේ ෆ්ලොරිඩාවෙන් දියත් කරන ලද ඔරියන් කැප්සියුලය තුළ ගමන් කරන කාර්ය මණ්ඩලය, මෙහෙයුමේ හයවන දින වන සඳුදා පෙ.ව. 10:50ට පමණ අවදි වූ අතර, සවස වන විට පෘථිවියෙන් සැතපුම් 252,757ක උපරිම දුරක් ළඟා වීමට නියමිතය.

එය වසර 56ක් පුරා ඇපලෝ 13 කාර්ය මණ්ඩලය තබා තිබූ වාර්තාවට වඩා සැතපුම් 4,000කට වැඩි දුරකි.

සම්බන්ධතා ගිලිහී ගිය ආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයි

සම්බන්ධතා ගිලිහී ගිය ආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයි

මෙම කාර්ය මණ්ඩලයට නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් ඇතුළත් වේ. ඔවුන් සඳෙහි දුර පැත්ත හරහා ගමන් කරමින්, එහි මතුපිටට සැතපුම් 4,000ක් පමණ ඉහළින් සිට පෘථිවිය දුරින් කුඩා ගෝලයක් ලෙස දකින අද්විතීය අත්දැකීමක් ලබා ගනී.

මෙම අවස්ථාව ආටෙමිස් වැඩසටහනේ පළමු මිනිස් කාර්ය මණ්ඩල පරීක්ෂණ පියාසැරිය වන අතර, දින 10කට ආසන්න කාලයක් පවතින මෙහෙයුමේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ 2028 වන විට නැවත මිනිසුන් සඳ මතුපිටට යැවීම සහ එහි දිගුකාලීන මිනිස් පැවැත්මක් ස්ථාපිත කිරීමයි. චන්ද්‍රයා වටා ගමන් කිරීමේදී කාර්ය මණ්ඩලය කෙටි කාලයක සන්නිවේදන බාධාවකට මුහුණ දෙන අතර, එම කාලය තුළ ඔවුන් වෘත්තීය කැමරා භාවිතයෙන් චන්ද්‍රයාගේ විශේෂ දර්ශන ඡායාරූප ගත කිරීමට නියමිතය.

සූර්යාලෝකය චන්ද්‍රයා වටා පෙරීමෙන් ඇතිවන දුර්ලභ දර්ශන සහ පෘථිවිය චන්ද්‍ර ක්ෂිතිජයෙන් නැඟී එන අවස්ථාද එමගින් සටහන් කරගැනීමට ඔවුන්ට හැකි වේ.

එමෙන්ම, නාසා විද්‍යාඥයන් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම මෙහෙයුම නිරීක්ෂණය කරමින්, ගගනගාමීන් විසින් සජීවීව ලබාදෙන දත්ත හා විස්තර සටහන් කරමින් සිටිති. මෙම මෙහෙයුම මගින් අනාගතයේ අඟහරු ඇතුළු දුර අභ්‍යවකාශ ගමන් සඳහා වැදගත් පියවරක් සලසන බව නාසා ආයතනය විශ්වාස කරයි.

පත්වීම් අර්බුදයෙන් සෞඛ්‍ය සේවය අර්බුදයකට

පත්වීම් අර්බුදයෙන් සෞඛ්‍ය සේවය අර්බුදයකට