ලංකාවේ මාරාන්තික රෝගයක් හිස ඔසවයි - රෝගීන් සංඛ්‍යාව 46,000 පනී

Report

ශ්‍රී ලංකාවේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩබලන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ දෛනිකව මේ වන විට ඩෙංගු රෝගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි. ජූනි මාසයේ පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ පම‍ණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ වෛද්‍ය කපිල කන්නංගර මහතා එය මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බවද පැවසීය.

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ

පළාත් අනුව සසදා බැලීමේදී ,බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

එම සංඛ්‍යාව සියයට 51.75ක් වේ. මේ අතර, දකුණු පළාතෙන් 16.16%ක්, සබරගමුව පළාතෙන් 9.35%ක්, මධ්‍යම පළාතෙන් 7.23%ක් සහ නැගෙනහිර පළාතෙන් 5.05%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බවද ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසයි.  

බස් වල ගමන් කරන මගීන්ට විශේෂ නිවේදනයක් - බස්ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

බස් වල ගමන් කරන මගීන්ට විශේෂ නිවේදනයක් - බස්ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්