අද T20 තරගය නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර

Report

වර්ෂාව හේතුවෙන් ඊයේ (09) අතහැර දැමූ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පළමු T20 තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබාගත් ප්‍රේක්ෂකයන්ට විශේෂ සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, එම ප්‍රවේශපත්‍ර හිමිකරුවන්ට හෙට (11) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන හා අවසන් T20 තරගය නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත.

දරුවෙන් වෙනුවෙන් “HariniGoHome” එකට විමල් හෙට ඉඳන් ලෑස්ති

දරුවෙන් වෙනුවෙන් “HariniGoHome” එකට විමල් හෙට ඉඳන් ලෑස්ති

අදාළ ප්‍රවේශපත්‍ර හිමිකරුවන්ට එම ප්‍රවේශපත්‍ර පෙන්වීමෙන් හෝ ඒවායේ තිබෙන විස්තර භාවිතා කරමින් නොමිලේ පිවිසුම් ලබා ගත හැකි බවත්, තරගයේ ප්‍රවේශපත්‍ර තත්ත්වය අනුව (ගේට්, සීට් ආදිය) සමාන ස්ථානයකට ප්‍රවේශ විය හැකි බවත් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන T20 තරගය හෙට සවස රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, තරගයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් සහනශීලීව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් කියපු සජබ මන්ත්‍රී CIDයට කැඳවයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් කියපු සජබ මන්ත්‍රී CIDයට කැඳවයි

මෙම සහනය තුළින් වැසි හේතුවෙන් අසීරුතාවයට පත් වූ ප්‍රේක්ෂකයන්ට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති බවත්, ක්‍රීඩාංගනයේ සියලුම ස්ථානවලට ප්‍රවේශ වීමේදී අදාළ ප්‍රවේශපත්‍ර පෙන්වීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර ඇත. 

Gallery