මෙරටට ක්‍රිකට් තහනම පැනවීමට කලින් ICC ය කලින්ම සිදු කළ දේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් කියන කතාව - මෙම තහනම දිගටම පැවතුණොත් කුමක් වෙයි ද?.
ඊයේ (11) ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
එහි අරමුණ වී ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ICCය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අත පෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක් වූ බවත් එම නිවේදනයේ දැක් වේ.
මෙම තහනම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇතිකළ හැකි ය.
කෙසේ වෙතත්, අත්හිටුවා ඇති සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා කටයුතු කිරීමට සුදුසු පරිසරය සකසන ලෙසත් දේශපාලන මැදිහත්වීම්වලින් වළකින ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
