මෙරට දරුවන්ට අනාගතයේ දැඩි අවදානමක්..වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්.

Education School Online Children
By Aruna Jul 12, 2021 04:10 AM GMT
Report

හුදෙකලාවේ ජීවත්වීමට මෙරට දරුවන් නැඹුරුවීමේ අවදානමක්.

දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම තුළ හුදෙකලාව ජීවත්වීමට වැඩි නැඹුරුතාවක් දක්වන අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් මතුව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් පසුවද දරුවන් දීර්ඝ කාලයක් ජංගම දුරකථනවල රැඳී සිටීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වසා තැබීම හමුවේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් මානසික සෞඛ්‍ය සායන වෙත පැමිණීම සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කළා.

කාන්සාව, විශාදය, මානසික පීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු දරුවන් අතර වැඩිවී ඇති බවයි ඔහු කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now