ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka Banks Pitch rattings
By Aruna Jul 02, 2021 03:17 AM GMT
Aruna

Aruna

Report

රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් (Fitch Ratings) අනතුරු හඟවයි.

ෆිච් රේටිංග්ස් නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ දේශීය බැංකු විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම හරහා විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුවම විවෘත වී ඇති බවයි.

2020 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව පැවැති වත්කම්වලින් තුනෙන් එකක ප්‍රමාණයක්ම රජයට විවෘත කර ඇති බවත් ෆිච් රේටිංග්ස් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමගින් බැංකු පද්ධතියේ සැලකිය යුතු පිරිහීමක් සිදුව තිබෙන බවද ෆිච් ආයතනය පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha