ලංකාව ඉන්නේ ගොඩක් පිටි පස්සේ කළින් වගේ නෙවෙයි ලංකාවේ ක්‍රිකට් වුණත් දැන් පහු බැහැලා - හරිනි

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව පවසා ඇත.

ඇය මේ බව කියා සිටියේ කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින්.

ඒ අනුව 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව වශයෙන් අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා, පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව සඳහා අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ,

" ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නෙමෙයි, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත්. ජයග්‍රහණය, කීර්තිය සහ අභිමානය ගේනවා වගේම සහභාගීත්වය විසින් නිරෝගී ජාතියක් බිහිකරමින් විනය ගරුක, ශක්තිමත් පෞරුෂයක් සහ උසස් මනෝ භාවයක් ඇති මිනිසුන් නිර්මාණය කරනවා. මහජනතාව සමග කටයුතු කරන පොලිස් සේවයට විනය, පෞරුෂය වගේම යහපත් මනෝභාවයක් පැවතීම ඉතාම වැදගත්. ඒනිසා පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙල ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කිරීමට වගේම ඔබේ වෘත්තීය ගෞරවය වර්ධනය කරගැනීමටත්, වෘත්තීය වටිනාකම වර්ධනයටත් බලපාන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වැනි සිහින බිඳ වැටී තිබුණ රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවතියත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බව මම මතක් කරන්න අවශ්‍යයි. අතීතයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය යුතු මට්ටමක පැවතුණා. නමුත් මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාතියට කීර්තියක් හා අභිමානයක් ගෙන ඒමට සමත් ඒ වගේම නිරෝගී හා විනය ගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපේ රජයේ අරමුණක්.

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

NPP එකයි යහපාලනයයි කළේම අපිට චෝදනා කරපු එකනේ ඉතින් අයිස් කන්ටේනර් එකටත් මුහුණ දෙන්නම් - නාමල්

පොලිස් සේවාව පිලිබඳ යම් අදහසක් පැවසීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනය ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්ම වන ආකාරය සමාජයට පිළිඹිඹු වන වැදගත්ම සාධකයක් වන්නේ පොලිසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබා ගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි. ඒ මතය වෙනස් කර ගන්න ඔබේ විනය, නීතිගරුක බව සහ සාධාරණ ලෙස රාජකාරි සිදු කිරීම ඉතා වැදගත්. ඒ වගේම ඇතැම් පොලිස් නිලධාරීන් දේශපාලන අත පෙවීම් වලට ගොදුරු වීම් හා නිසි ඇගයීමට ලක් නොවීම නිසා පීඩාවන්ට ලක් වී සිටියා. වත්මන් රජය කිසිදු ලෙසකින් ඔබේ සේවයට අනවශ්‍ය බලපෑම් කිරීමට, අත පෙවීමට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ස්වාධීනව සැමට සාධාරණව නිතිය ක්‍රියාත්මක කරන්න බාධාවක් නැහැ. ඒ විශ්වාසය ගොඩනගන්න ඔබට ඓතිහාසික අවස්ථාවක් හිමිවෙලා තිබෙනවා. පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීමයි අපේ රජයේ අපේක්ෂාව. ඒ අපේක්ෂාව සාර්ථක කර ගනිමින් ඔබේ වෘත්තීය, සමාජයේ ඇගයීමට ලක් වන, ජනතා ප්‍රසාදය ලබා ගත් වෘත්තීයක් බවට පත්කර ගන්න ක්‍රීඩාවෙන් ලබන විනය, ඉවසීම, සමගිය වගේම මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත් වන බව සිහිපත් කරමින් ජනතා විශ්වාසය දිනාගත් විනයගරුක හා ස්වාධින පොලිස් සේවයක් වෙනුවෙන් කැප වෙන්න." යනුවෙන්

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරේ ගලලා ඉහළටම යනවා විතරක් නෙවෙයි මේ පැත්තෙනුත් සුබයි