ශ්‍රී ලංකා 20යි 20 අද තරඟයේ තීරණාත්මක තුරුම්බුවක් පිටියට එයි!!!.
විස්සයි විස්ස ලෝක කුසලානයේ විසි දෙවැනි තරගය යටතේ අද ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙම තරගය ඩුබායි ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වෙනු ඇති.
ශ්‍රී ලංකා පිල මෙන්ම ඔස්ට්‍රේලියානු පිල ද මෙම තරගාවලිය තුළ තවමත් අපරාජිත ව පසුවෙනවා.
දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 16ක් පවත්වා ඇති අතර, කණ්ඩායම් දෙක ම තරග අට බැගින් ජයගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පිල සිය පළමු තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කළ ද ඔවුන් තවමත් එක්සත් අරාබි එමිර් හි මන්දගාමී තණතීරු හොඳින් කියවාගෙන නො මැති බව යි විචාරකයින් සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හැකියාවන් අඩු තක්සේරුවක තබා පෙර තරගයට පිවිසුණු බංගලාදේශ කණ්ඩායම, මහීෂ් තීක්ෂණ ද නො මැති ව කඩුලු පහකින් පරාජයට පත් වුණා.
ඇලපත ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වුණු ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂණට බංගලාදේශ තරගය අහිමි වූ නමුදු, අද පැවැත්වෙන ඔස්ට්‍රේලියා තරගය සඳහා ඔහු පූර්ණ සුවයෙන් පසුවෙන බව, පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |
