Sputnik V ලොවම කළඹයි.. පලමු මාත‍්‍රාව කොරෝනා මෙල්ලයි….- රුසියානු සමාගමේ නිවේදනය මෙන්න..

Covid sri lanka Medical
By Sithumi Jun 01, 2021 05:25 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් කරමින් තිබෙන රුසියානු Sputnik V එන්නත එක් මාත්‍රාවක් පමණකින් වුව සෑහීමකට පත් විය හැකි යැයි එම නිෂ්පාදන සමාගම සඳහන් කර තිබේ.

ඒ අනුව එම නිෂ්පාදන සමාගම එම එන්නතේ පලමු මාත්‍රාව පමණක් Sputnik lite හඳුන්වමින් තනි මාත‍්‍රාවේ එන්නතක් නිකුත් කරමින් ඇත. ඉදිරියේ දී ස්පුට්නික් එන්නත මාත්‍රා දෙකම වෙනුවට එක් මාතාවක් ලබාගැනීම ප‍්‍රමාණවත් යයි නිෂ්පාදකයා විසින් තහවුරු කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. එම සමාගමේ වෙබ් අඩවියේ නිවේදනය මෙතනින් මේ අතර ශ්‍රී ලංකාවේ එම ඉන්න භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ අදහස් පල කලේය.

“ඇත්තටම දැන් ඔවුන්ගේ පර්යේෂකයින් කියනවා මේ එන්නත් මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව පමණක් වුවත් ලබාදීම සෑහීමකට වෙන්න පුළුවන් කියලා. ඔවුන්ට පර්යේෂණ වාර්තා තියෙනවා කියලා. ඒ අනුව යමින් මේ වන විට රුසියානු නිෂ්පාදන ආයතනය ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකෙන් පළමුවෙනි මාත්‍රාව පමණක් “ස්පුට්නික් ලයිට්“ලෙස හඳුන්වමින් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා.

ඉදිරියේ දී එම නිෂ්පාදන සමාගම පර්යේෂකයින් ඉඩක් තියෙනවා ස්පුට්නික් මාත්‍රා දෙකම ලබාගත යුතු නෑ. පළමු මාත්‍රාව පමණක් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා ඔවුන්ගේ නිර්දේශයක් ලබාදෙන්න. ඒ පිළිබඳව අපිට මේ වෙනකොටත් යම් ආකාරයකට ඒ නිෂ්පාදන ආයතනය දැනුම් දී තිබෙනවා. එය අප තීරණය කරන දෙයක් නෙමෙයි නිෂ්පාදන සමාගම සහ පර්යේෂණ ආයතනය විසින්.“