දේව හාස්කමින් පැළ වෙන ''සමන් දේවාලයේ ආශ්චර්යමත් පැළවෙනගල''…(VIDEO)

By Sewvandhi Nov 20, 2021 08:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමන් දේවාල භූමියේ පිහිටි විස්මිත හාස්කම් පෙන්වන හරි අපූරු දෙයක් පිළිබඳ කා අතරත් කතාබහට ලක්වනවා. ඒ තමයි ‘පැලවෙන ගල’. මීටර් තුනක් පමණ උසැති වීදුරු ආභරණ යෙදූ මෙම ගලේ මුල අඟල් 6 × 6 ප්‍රමාණයේ කළු ගල් කැබැල්ලක්. මෙය මුලින් අඟල් කිහිපයක් පමණක් උසට තිබුණු බවත්, පසුව ක්‍රමයෙන් උස්ව මීටර් තුනක් පමණ උසට ලියලා ඇති බවත් පැවැසෙනවා.

මේ පැලවෙන ගල ගැන ජනප්‍රවාදයේ විවිධ කතා අසන්නට ලැබෙනවා. මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් මෙම ස්ථානයේ දේවාලය ඉදිකරන්නට සූදානම්ව මුල්ගල ලෙස ගෙනා ගලෙන් කොටසක් කඩා එය දෙවියන්ට පූජා කළ බවයි පැවැසෙන්නේ. ඉන් පසු දේවාලයේ වැඩ අවසන් කර පුද පූජා පවත්වාගෙන යන අතරේ දෙවියන්ට භාරකළ මුල්ගලෙන් කොටසක් පූජා භාණ්ඩයක් ලෙස දේව ප්‍රතිමාව අසල තබා තිබෙනවා.

කාලයක් ගතවෙද්දි මේ ගල පැලවීමට පටන්ගත් බවයි ජනප්‍රවාදයේ එන්නේ. ක්‍රමයෙන් ගල ඉහළට ලියලා ආ බවත් සඳහන් වෙනවා. අතීතයේ මුතුන්මිත්තන් දේවාලයට යන විට එම ගල උසට නොතිබූ බවත්, පසුව එය උසට වැඩී තිබූ බවත් පවසන වැඩිහිටියන් අදද හමුවෙනවා. අතීතයේ මේ අරුම පුදුම ගල දකින්න හැමෝටම අවස්ථාව ලබාදී නැතත් පසුව මෙය දේවාලයේ දොරටුව අබියස තැන්පත් කර ඇති බවකුත් පැවැසෙනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධව විවිධාකාර අදහස් ඉදිරිපත්වන අතර කාලයකට පෙර මෙහි පැමිණි පිරිසක් මෙම ගල පැලවෙනවාද බලන්න එහි මුදුන කඩාදැමූ බවත්, ඉන් පසු ගල පැලවීම නතර වූ බවත් පැවැසෙනවා. එහෙත් බොහෝ දෙනකුගේ විශ්වාසයට අනුව මෙය විස්මිත දේව හාස්කමක් ලෙසිනුයි දකින්නේ.

දෙවියන් ඇසට පෙනෙනා දේ මෙන්ම නොපෙනෙනා දේත් සිදුකරන බව කාගේත් විශ්වාසයයි. එනිසා මෙය එවැන්නක් නොවේ යැයි කාට නම් තර්ක කළ හැකිද? 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha