දැන් ඉතින් Social Media වල රඟලා ඉවරයි. - පොලීසියේ පිරිසකට ලැබුණු විශේෂ පුහුණුව මෙන්න. (PHOTO)

Report

මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඔවුන් අදාල පුහුණුව ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී හදාරනු ලබන අතර මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත්.

ඔවුන් එළබෙන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී ඇත. 


Gallery