කැබිනට් අනුකමිටුව ICC යෙන් කළ විශේෂ ඉල්ලීමක්.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Sri Lanka Cabinet
International Cricket Council
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ICC ය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ බව අමාත්‍ය කංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ, එම ඉල්ලීම කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කර ඇති අතර ඒ සඳහා ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය විසඳීම සඳහා පක්ෂ විපක්ෂ භේද අතහැර පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්විය යුතු බවද අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළා.
