සර්වඥ ධාතූන් වහන්සේලා වදින්න යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි, සර්වඥ ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය මහජනතාවට වන්දනාමාන කිරීමට මෙම මස (05) වන දින උදෑසන 6 සිට (11) වන දින උදෑසන 7 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පහසු ලෙස පැමිණීමට පහත සඳහන් ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවලබා දෙන බව නිවේදනයේ සඳහන් කර ඇත.
පහත ස්ථානවලදී එම සේවාව ලබාගත හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල ( M.O.D. PARK)
ලේක් හවුස් වටරවුම අසල රථගාල කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දන්වා සිටී.