රතිදු සේනාරත්නට හෙවත් රැට්ටට වරෙන්තු - හේතුව මෙන්න

Report

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ගාලු මුවදොර ඇරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව කියන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (2) වරෙන්තු නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් පෙනී නොසිටි හෙයින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ අතර සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතීසි ද නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

එසේම පෙර නඩු දිනයේ නඩු විභාගයට නොපැමිණි තැන්නේ ඥාණානන්ද හිමියන් අමතර රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හරින ලෙසටද නියෝග කළේය.

මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති සෙසු සැකකරුවන් වන රංගනවේදිනී දමිතා අබේරත්න, ,ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ,, තැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමා ඇතුළු හත් දෙනෙක් දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්