ළමයින් අපහසුතාවට පත් කරන සමාජ මාධ්‍යවලට වෙන වැඩේ

Report

යම් ළමයකු අගතියට සහ අපහසුතාවයට පත්වන ආකාරයට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් අදාළ තොරතුරු පළකරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කර ඇත.

එහි සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනුයේ මෑත කාලයේ එවැනි ආකාරයේ සිදුවීම් කිහිපයක්ම සමාජ මාධ්‍යයන්හි වාර්තා වීම සමග ළමුන්ගේ අනන්‍යතාවය සමාජයට හෙළිවීම නිසා ඉතාමත් භයානක සිදුවීම්වලට එම ළමුන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබෙන බවයි .

තවද අදාළ නිවේදනයේ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 [ඈ] වගන්තියට අනුව අපයෝජනයට ලක්වූ දරුවකුගේ නම හෝ අනන්‍යතාවය හෙළි කරන පුද්ගලයකුට වසර දෙකක කාලයක සිර දඬුවමක් හෝ දඩයකින් දඬුවම් පැමිණවිය හැකි බවයි.

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

 දරුවන් පිළිබඳ සිදුවීම් සමාජ මාධ්‍යයේ වාර්තා වෙනවානම් 1929 ළමා උපකාරක සේවා දුරකථන අංකය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන ලෙස ද එහි සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රාජකාරී කළ STF සෙබළෙකුට වැඩ වරදී

බූස්ස බන්ධනාගාරයේ රාජකාරී කළ STF සෙබළෙකුට වැඩ වරදී