බූස්ස බන්ධනාගාරයේ රාජකාරී කළ STF සෙබළෙකුට වැඩ වරදී

Report

රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බූස්ස බන්ධනාගාරයේ රාජකාරී කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළා කළුතර බන්ධනාගාරයේ රදවා සිටිනු ලබයි.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ බූස්ස බන්ධනාගාරයේ අංක 5 මුර කුටියේ රාත්‍රී කාලයේ රාජකාරී කරමින් සිටි එම පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා සන්තකව ජංගම දුරකතනයක් ඇති බවට සී සී ටී වී කැමරා පරීක්‍ෂාවකදී අනාවරණ වූ බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරය අධීක්ෂණය කරනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු ඔහු විසින් විමර්ශනයක් පවත්වා අදාළ සෙබළාගේ වැඩතහනම් කර ඇත .

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 25 වනදා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා ගාල්ල බන්ධනාගාරයට රැගෙන විත් ලියාපදිංචි කිරිමෙන් පසු කලුතර බන්ධනාගාරයට මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්