සෝභිත හිමියන්ගේ පන්සලේ මාසික විදුලි ඒකක ගණන 6000ක්..විදුලි බිල කපා දමයි..
රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් විහාරස්ථාන දෙකක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබෙනවා.
හම්බන්තොට සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ධර්මසිංහාරාමය සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදුත යෝගාශ්‍රමයේ විදුලි සැපයුම මෙලෙස විසන්ධි කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
මණ්ඩලය පවසන්නේ, ශ්‍රී ධර්මධුත යෝගාශ්‍රමයේ විදුලි බිල රුපියල් අනූ හතර දහසක් වන බවත්, සිරිබෝපුර ශ්‍රී ධර්මසිංහාරාමයේ විදුලි බිල රුපියල් විසි දෙදහසක් බවත් එම විදුලි බිල් නොගෙවීම මත මෙසේ විදුලිය විසන්ධි කරන ලද බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ, විදුලි බිලෙන් කොටසක් මාස්පතා ගෙවද්දී මෙලෙස විදුලිය විසන්දි කර ඇති බවයි.
විදුලි ගාස්තු වැඩි කරන පලියට විහාරස්ථානවල බිල වීමට ආදායමක් නැති බවත් මෙම විහාරස්ථානවල බිල්පත් ගෙවනු ලබන්නේ දුප්පත් දායක දායිකාවන් විසින් බවත් උන් වහන්සේ කීහ.
මේ අතර සෝභිත හිමියන්ගේ විහාරස්ථානයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 6000 පමණ වන බවත්, එය තරු හෝටලයක විදුලි පරිභෝජනයද ඉක්මවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.