යළි පැමිණෙන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්
By Wasantha
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙණු ඇත.
බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ බස් රථ අද සිට මෙම ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බවය.
එමෙන්ම අධිවේගී මාර්ග සඳහා ද බස් රථ යොදවා තිබේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ විශේෂ දුම්රිය යෙදවීමක් සිදුනොවුන ද අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවය.