ලංගම බස් රථය පැහැරගන මග දමා ගිහින්
බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (25 ) උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය සදහන් කරයි.
පොලීසිය සදහන් කළේ පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලවාය ඩිපෝවට අයත් මාතර බණ්ඩාරවෙල ධාවනය වන බස් රථයක් බවයි.
මාතර සිට බණ්ඩාරවෙල ට පැමිණ බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පලේ සුපුරුදු ලෙස රාත්‍රියේ ගාල් කර මාතර දක්වා ගමන් ඇරඹීමට අද අලුයම 6.45 ට රියදුරු පැමිණ බස් රථය සෙවීමේදී බස් රථය නොමැති වූ විට ඒ බව පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඉන් පසුව බස් රථය දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය බස් රථය සොයාගෙන ඇත.